පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බවත් , දැනටමත් දකුණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසුවේ ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවය.
ඇතැම් විමර්ශන සෘජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ ය.