Connect with us

පුවත්

ප්‍රජා උපදේශන කමිටු වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Published

on

ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පැෆරල් සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කලේය.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයින් සංවර්ධන කටයුතු වලට අදාළව ස්ථාපිත කළ ප්‍රජා උපදේශන කමිටු වල සාමාජිකයින් වශයෙන් යොදා ගැනීම තුළින් මැතිවරණ නීතිය උල්ලංඝනය වන බව පවසමින් පැෆරල් සංවිධානය විසින් පෙත්සමක් ගොනු කර තිබුණි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම චක්‍රලේඛය අත්හිටු වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටියේය.  

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විජිත් මළල්ගොඩ, කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

ප්‍රජා කමිටු පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්  ජනාධිපතිවරයා විසින් පසුගිය අප්‍රේල් මස 29 වැනි දින නිකුත් කලේය.

ඉන් පළාත් ආණ්ඩුකාරවරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබුණේ සෑම පළාත් පාලන බල ප්‍රදේශයක් සඳහාම වසරක කාලසීමාවට යටත්ව ප්‍රජා උපදේශන කමිටු පත්කරන ලෙසය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved