ජනාධිපතිධුර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අනතුරුව සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පවසයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා මේ බව ප්‍රකාශ කලේය.
“අපි මීට කලින් ගත්ත තීරණවලට අනුව ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් සමඟ ඇතැම් සාකච්ඡා සිදු කළා. අපේ පක්ෂයේ ස්ථාවරය නැගෙනහිර ඒකාබද්ධ කරමින් රට තුළ පූර්ණ බලය බෙදීමක් සිදු කරන්න අවශ්‍යයි කියන එක. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් එක්ක කරපු සාකච්ඡා ගැන පක්ෂයට අද දැනුම්දුන්නා. ඒවායේ ප්‍රගතිශීලි කරුණු කියලා තියෙනවා. නමුත් එයාලාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ සියලු දෙනාට ප්‍රසිද්ධියේ කිව්වයින් පස්සේ තමා අපි කියපු දේවල්, අපේ බලාපොරොත්තු තියෙනවා ද කියලා බලලා අපේ අවසන් තීරණය ගන්න අපි එකඟ වුණා.
මේ ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනා හැර නාමල් රාජපක්ෂවත් මගේ නිවසේදී හමුවුණා. ඒ ගැනත් පක්ෂයට දැනුම්දුන්නා. එයාට දිනන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. එයා කියපු කරුණ ජාතිවාදයට පහරක් එල්ල කරන මට්ටමේ තිබුණා. ලංකාවේ දකුණේ සිංහල – බෞද්ධ ජාතිවාදය හිස ඔසාව නොමැති පසුබිමක එය අපේ ඉල්ලීම් දිනාගන්න කොහොමද භාවිත කරන්නේ කියලත් නිරීක්ෂණය කරනවා. තරගයට වගේ එකිනෙකා ආයෙත් ජාතිවාදය අවුසන්න පුළුවන්.”