පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ .
ඒ අනුව කොළඹ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගංගා ඉහළ කෝරළය කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද(28) පෙරවරු 10.00 සිට හෙට(29) පස්වරු 10.00 දක්වා ක්‍රියාත්මක බවය.