පුවත්

ප්‍රසන්නගේ කප්පම් නඩුව විභාගයට දින නියම වේ

Published

on

කොළො­න්නාව, මීතො­ට­මුල්ල ප්‍රදේ­ශයේ ඉඩ­මක් ගොඩ­කි­රී­මට අනු­මැ­තිය ලබා­දීම සඳහා රුපි­යල් මිලි­ය­නය 64ක් ඉල්ලා ව්‍යාපා­රි­ක­ය­කුට තර්ජ­නය කිරීමේ වර­දට හිටපු ඇමැති ප්‍රසන්න රණ­තුංග මහ­තාට අත්හි­ටවූ සිර දඬු­වම් සහ දඩ මුදල් ගෙවන ලෙස නියම කළ මහා­ධි­ක­රණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ අභි­යා­චන පෙත්සම විභා­ග­යට ගැනීම සඳහා අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (29) දින නියම කළේය.

ඒ අනුව එම පෙත්සම් විභා­ගය ලබන ජුනි මස 05,13,16 යන දින­යන් හිදී පංච පුද්ගල අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ සිදු කිරී­මට නියම කෙරිණ.

අදාළ පෙත්සම මායා­දුන්නේ කොරයා, පී. කුමා­රන් රත්නම්, බී .ශෂී මහේ­න්ද්‍රන්, දමිත් තොට­වත්ත, අමල් රණ­රාජා යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත පංච පුද්ගල අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී මේ බව තීර­ණය කරන ලදි.

එහිදී අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ රියන්සි අර්ස­කු­ල­රත්න මහතා මෙම පෙත්සම සම්බ­න්ධ­යෙන් ලිඛිත දේශන කිරී­මට අව­සර ඉල්ලා සිටි­යේය.

එම ඉල්ලී­මට අව­සර දුන් විනි­සුරු මඬුල්ල අදාළ පෙත්සම විභා­ග­යට ගන්නා දින­යට පෙර එම ලිඛිත දේශන ගොනු කරන ලෙස නියම කළේය.

හිටපු ඇමති ප්‍රසන්න රණ­තුංග මහතා විසින් මෙම පෙත්සම ඉදි­රි­පත් කර තිබුණි.

ප්‍රසන්න රණ­තුංග බස්නා­හිර පළාතේ ප්‍රධාන ඇම­ති­ව­රයා ලෙස කට­යුතු කරද්දී මීතො­ට­මුල්ල ප්‍රදේ­ශයේ ඉඩම් ගොඩ­කි­රී­ම­කට අදා­ළව ව්‍යපා­රි­ක­ය­කු­ගෙන් රුපි­යල් මිලි­යන 64ක මුද­ලක් ඉල්ලා තර්ජ­නය කළ බවට චෝදනා කර­මින් ඔහුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා මහා­ධි­ක­ර­ණය හමුවේ නඩු පවරා තිබුණි.

ඒ සම්බ­න්ධ­යෙන් දීර්ඝ නඩු විභා­ග­යක් පැවැත්වූ කොළඹ මහා­ධි­ක­ර­ණය එහි තීන්දුව 2022 ජූනි මස 06 වැනිදා ප්‍රකා­ශ­යට පත් කළේය.

අදාළ චෝද­නා­වට ප්‍රසන්න රණ­තුංග මහතා වර­ද­කරු බවට එහිදී තීර­ණය කළ කොළඹ මහා­ධි­ක­ර­ණය ඔහුට බර­ප­තළ වැඩ සහිත වසර දෙකක සිර දඬු­ව­මක් නියම කොට එය වසර 05කට අත් හිටු­වී­මට තීන්දු කළේය.

රුපි­යල් මිලි­යන 25ක දඩ­යක් ද නියම කෙරුණු අතර එය නොගෙ­වන්නේ නම් තවත් මාස හයක සිර දඬු­වම් නියම කෙරිණ.

ඊට අම­ත­රව රුපි­යල් මිලි­ය­න­යක වන්දි මුදල් අදාළ ව්‍යාපා­රි­ක­යාට ගෙවන ලෙස නියම කෙරිණ.

එම දඬු­ව­ම්ව­ලින් තමන්ව නිදොස් කොට නිද­හස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණ­තුංග මෙම අභි­යා­චනා පෙත්සම අභි­යා­ච­නා­ධි­ක­ර­ණය වෙත ගොනු කර ඇත.

අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ රියන්සි අර්ස කුල­රත්න මහතා මෙම පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ නම් කරන ලෙස මීට පෙර අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එම ඉල්ලීම සම්බ­න්ධ­යෙන් කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව පෙත්සම පංච පුද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ විභා­ග­යට ගැනී­මට මීට පෙර තීර­ණය කරන ලදි.

ජනා­ධි­පති නීතිඥ අනිල් ද සිල්වා මහතා සහ නීතිඥ කීර්ති තිල­ක­රත්න මහතා පෙත්ස­ම්කාර ප්‍රසන්න රණ­තුංග මහතා වෙනු­වෙන් පෙනී සිටි­යහ.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් අසාද් නවාවි මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යේය.

Trending

Exit mobile version