Connect with us

පුවත්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අල්ලස් ගැනීමේ පළමු තැන!

Published

on

අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඊට පසු අල්ලස් ගැනීම් වැඩිපුර සිදුවන ආයතන අතර පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

ජනතාව වැඩිපුර ගැටෙන ආයතනවල අල්ලස් ගැනීම් සුලබව සිදුවන බවත්, විශේෂයෙන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස් ගැනීම් වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මේ ආයතනවල අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉතා අල්ප බව පවසන එම කොමිසම පැමිණිලි ඉදිරිපත් නොකෙරෙන අවස්ථා ඉතා වැඩි බවද සඳහන් කරයි.

සමහර පුද්ගලයන් රස්තියාදු වීම වළක්වා ගැනීම සඳහා කුමන හෝ අල්ලස් මුදලක් ලබාදී සිය වැඩ කටයුතු කර ගැනීමට උත්සාහ දරන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව කොමිසමේ විමර්ශන නිලධාරීහු පවසති.

ඒ අනුව රට පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව තුන්සියයකට අධිකය.

(ලංකාදීප)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved