පුවත්

ප්‍රාදේශීය සභා තුනක ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

Published

on

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) නියෝජනය කළේය.

අදාළ ආයතන තුනෙහි නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00ට අවසන් විය.

නාමයෝජනා භාරගැනීමේදී ඇති වූ ගැටලු සහගත සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් මෙම පළාත් පාලන ආයතනයන්හි ඡන්දය පැවැත්වීමට එරෙහිව නඩු පවරා තිබුණි.

කෙසේ නමුත් එම නඩු පැවරූ පාර්ශ්ව විසින්ම අදාල නඩු ඉවත්කරගැනීම හේතුවෙන් එම ආයතන තුනෙහි නාමයෝජනා භාරගැනීමේ කටයුතු අවසන්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකිවිය.

Trending

Exit mobile version