Connect with us

පුවත්

ප්‍රාන්ත මැතිවරණවල වැඩි බලය මෝදිට

Published

on

ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල මේවන විට නිකුත්ව තිබේ.

මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා යන ප්‍රාන්තවල එම මැතිවරණ පැවැත් විණි.

තෙලංගනා හැර සෙසු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ බලකොටු ලෙස සැලෙකයි.

මෙම ප්‍රාන්ත තුනේ බහුතර බලයක් ද සහිතව දිගටම බලය රඳවා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව තිබේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 230 න්, 165 ක් භාරතීය ජනතා පක්ෂයට හිමිවිය.

රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 199 න් 115 ක් භාරතීය ජනතා පක්ෂය දිනා ගෙන තිබේ. රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 90 කි. භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන ගණන 56 කි.

තෙලංගනා ප්‍රාන්තයේ බලයේ සිටියේ භාරත් රාෂ්ට්‍ර සමිති නමැති ප්‍රදේශීය පක්ෂයයි.

කෙසේ නමුත් මෙවර මැතිවරණයෙන් ඔවුන්ට බලය අහිමි වී ඇති අතර, විපක්ෂය වූ කොංග්‍රසයට බලය හිමිවිය.

භාරතීය ජනතා පක්ෂය තෙවැනි ස්ථානයේ පසුවෙයි.

තෙලංගනා ප්‍රාන්තයේ ආසන 119 කි. කොංග්‍රස් පක්ෂය ආසන 63 ක් හිමි කර ගනිමින් ජයග්‍රහණය කළේය.

බලයේ සිටි භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයට මෙවර හිමිවූයේ ආසන 40 ක් පමණි.

භාරතීය ජනතා පක්ෂය තෙවැනි ස්ථානයට පත් වූයේ ආසන 8 ක් දිනා ගනිමිනි.

(එන්.ඩී.ටීවී.)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved