Connect with us

පුවත්

ප්‍රිමාලිට පිත්තල පොලු හැදුව අය CID ය සොයයි!

Published

on

තිළිණි ප්‍රියමාලි විසින් රන් පොලු යැයි කියා ව්‍යාපාරිකයන්ව රැවටීමට යොදා ගත් පිත්තල කුටිට් සැකසූ පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

සැබෑ රන් පොලු ලෙස බැලූ බැල්මට පෙනී යන ආකාරයට එම පිත්තල කුට්ටි සකස් කර තිබී ඇති බැවින් එම පිත්තල පොලු සකස් කළ පුද්ගලයාගෙන් බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

තිළිණිගේ වංචාවට හසුවූ ව්‍යාපාරිකයන් රැසකට ඇය මේ පිත්තල කුටිටි රන් පොලු යැයි පෙන්වමින් එම රන් විකුණා මුදල් දෙන බව කියමින් රවටා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

තිළිණි සිය සැමියා බව සමාජය හමුවේ පෙන්වූ ඇගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරවද රවටමින් රන් යැයි කියා දී තිබුණේ මේ පිත්තල කුටිටි 10කි.

එම පිත්තල කුටිටිවලින් 08ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළිමතලාවේ පිහිටි ඉසුරුගේ නිවෙසේ තිබී සොයා ගත්තේය.

තිළිණි විසින් රන් පොලු යැයි කියා මේ පිත්තල කුටිටි ව්‍යාපාරිකයන් රැසකට දී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

එම ව්‍යාපාරිකයන්ගෙන් මෙතෙක් පැමිණිලි ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වර්තා වේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved