Connect with us

පුවත්

ප්‍රියමාලිගේ ලයිට් කපලා; මසක 4ක පොල්ලක්

Published

on

මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය ඊයේ (02) සිට විසන්ධි කර ඇතැයි වාර්තා වේ.

මෙසේ විදුලිව විසන්ධි කර ඇත්තේ මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් බවයි.

එම විදුලි බිලෙහි වටිනාකම ලක්ෂ හතරහමාරකට ආසන්න බවත් පැවසේ.

කෙසේ නමුත් මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිණි ප්‍රියමාලි සහ ඇයගේ පවුලේ සාමාජිකයන් කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේය.

පුවත්

හිටපු ඇමැති රිෂාඩ් නිදහස්

Published

on

By

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා දැරිය මෙහෙකාර සේවයට යෙදවූ පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කලේය.

මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන දැරිය මෙහෙකාර සේවය සඳහා ලබා දුන් බව කියන පොන්නයියා පණ්ඩාරම්, දෙවන විත්තිකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය බව කියන අලි ඉබ්‍රාහිම් කිදර් මොහොමඩ්, හා තෙවැනි සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන කිදර් මොහොමඩ් ශිහාබ්දීන් අයීෂා යන තිදෙනාට එරෙහිව එසේ නඩු පවරන ලෙස අධිකරණයෙන් නියම විය.

කෲරත්වයට පත් කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළෙඳාම ඇතුළු චෝදනා කීපයක් යටතේ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙම සිද්ධියේ සිව්වන සැකකරු වන රිෂාඩ් බදියුදීන් හා පස්වන සැකකරු වන බදියුදීන් අබ්දුල් රිෂාඩ් යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි හිෂාලිනී ජූඩ් කුමාර් නමැති බාල වයස්කාර දැරියක සිරුරට ගිනි ඇවිළීමෙන් එසේ මියගොස් ඇති බවද අධිකරණයෙන් හෙළිවිය.

ඉහත සඳහන් පළමු වන සැකකරු වන පොන්නයියා පණ්ඩාරම් නමැත්තා එම දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවසට භාරදී ඇති බවත් ඒ වන විට එම දැරිය 15 හැවිරිදි වියේ පසුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකළ බොරැල්ල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

වසර කීපයක් එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයගේ සිරුරට 2021 ජූලි මස 3 වැනිදා ගිනි ඇවිළී ඇති බවත් පසුව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 15 දා මියගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට දැක්වූ වාර්තාවේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මූලික විමර්ශන සිදු කළ අතර පසුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය එම විමර්ශන ඔවුන් භාරයට ගැනීම සිදුවිය.

Continue Reading

පුවත්

හිටපු හමුදාපති මහේෂ් සේනානායක සජබයට

Published

on

By

හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, (විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගයට එක්වී තිබේ.

එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර ඇත.

Continue Reading

පුවත්

ඉන්දු – ලංකා’ මගී යාත්‍රා සේවය දින නියම නොවී කල්යයි

Published

on

By

කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ආරම්භ කිරීමට නියමිතව තිබූ මගී යාත්‍රා දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

මෙම සේවාව නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ, මැයි මස 19 වැනි දිනය.

මේ සඳහා යොදා ගැනීමට සැලැසුම් කර තිබූ නෞකාවට මුහුදු ගමන සඳහා අනුමැතිය ලැබී නොමැති බව සඳහන්ය.

එමෙන් ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය මගී යාත්‍රා සේවය කල්දැමීමට හේතුවක් වී තිබේ..

කන්කසන්තුරේ සිට නාගපට්ටිනම් දක්වා වන මෙම නෞකා සේවය මීට පෙර  අවස්ථා දෙකක දී කල් දැමීම සිදුවිය.

මෙම නෞකා සේවය පසුගිය වසරේ ඔක්තෝබර් මස 14 වනදා ආරම්භ වූ අතර උතුරු පළාතේ පැවැති වැසි තත්ත්වය හේතුවෙන් එම මස 23 වැනිදා අත්හිටුවීම සිදුවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved