පුවත්

“ප්ලාස්ටික් කළමනාකරණ ධාරිතා වර්ධනය” ගැන ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තියයි

Published

on

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සහ පරිසර අමාත්‍යාංශය අතර “ප්ලාස්ටික් කළමනාකරණ ධාරිතා වර්ධනය” පිළිබඳ ව්‍යාපෘතියේ ගිවිසුම අත්සන් කිරීම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානි ටෙට්සුයා යමඩා මහතා විසින් ඊයේ (29) පරිසර අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු නිලධාරීන් සහ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරියන් ඇතුළු නිලධාරීන් සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය 2023 වසරේ ආරම්භ කිරීමට නියමිත අතර, මෙය වසර 03ක ව්‍යාපෘතියකි, මේ යටතේ ප්ලාස්ටික් කළමනාකරණ මධ්‍යස්ථානයක් මධ්‍යම පරිසර අධිකාරියේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවෙනු ඇත.

Trending

Exit mobile version