දකුණු පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේදී හසාරා අධිවේගී දුම්රිය පීලි පැනීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (06) පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් 100 කට අධික පිරිසක්ද තුවාල ලැබූහ.
රාවල්පිණ්ඩි සිට පැමිණි මෙම දුම්රිය නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්විය.
——————————————–
(පෙර පුවත : 2023 අගෝස්තු 06 ප.ව. 6:27)
පාකිස්තානයේ රේල්ලුවක් පීලි පනියි, ජීවිත 20ක් අහිමි වෙයි!
දකුණු දිග පාකිස්තානයේ දුම්රිය පීලි පැනීමකින් 20 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කට වැඩි යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
පීලි පැනීමට ලක් වූයේ හසාරා සීඝ්‍රගාමී මගී දුම්රියයි. දුම්රිය කරච්චි නුවර සිට ඇබොට්ටාබාද් නුවර තෙක් ධාවනය වෙමින් තිබුණි.
පිලී පැනීමට පැනීමෙන් දුම්රිය මැදිරි 8 ක් දුම්රිය මාර්ගයෙන් පිට පැන පෙරළී ගිය අතර, ඒවා තුළ සිරවුණු මගීන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරීමට සිදුවුණු බව ද පැවැසෙයි.
දුම්රිය අනතුරට ලක්වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණය වී නැති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙයි.