Connect with us

පුවත්

පානදුර නිවසකින් දුරකථන 82ක් සොයා ගැනේ

Published

on

පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර – වෑකඩ ජනඋදාන ගම්මානයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය සඳහන් කලේය.

පොලිසිය පැවසුවේ, අද අළුයම සිදුකල විශේෂ මෙහෙයුමකදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනප්‍රිය මහතා ඇතුළු නිළධාරීන් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර නිවස පරීක්ෂා කිරීමේදී තැන තැන සගවා තිබූ විවිධ මාදිලියේ ජංගම දුරකථන 82 ක් සොයාගෙන ඇති බවය.

සැකකාර කාන්තාව පුත්‍රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බවත්, ඔහු වැටලීම සිදුකරන මොහොතේ නිවසේ සිට නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේය.

පුවත්

සල්ලි දීලා ගත් කසිප්පු බාලයි කියා පොලිසියට පැමිණිලි කරයි

Published

on

By

ගාල්ල, මිලිද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු තමා මිලදීගත් කසිප්පු හොඳ නැති බවත් ඒවාට යමක් කවලම් කර ඇති බවත් පවසමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දුරකථන ඇමතුමක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අධිකරණයේ පෙනී සිටීම සඳහා දිනයක් ලබාදී පොලිස් ඇප මත මුදාහැර ඇත.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් කසිප්පු සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

කටුනායක වෙඩිතැබීමක්

Published

on

By

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අද (06) උදෑසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.

කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත.

එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ සැකකරුගේ දණ හිසෙන් පහළට වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහල වෙත ඇතුළත් කර ඇත.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

අගමැතිනියට එරෙහිව පැමිණිලි පිට පැමිණිලි (වීඩියෝ)

Published

on

By

නිහඩ කාලසීමාවේදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ලෙසට අගමැතීනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගය විසින්  මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලිලක් සිදුකර තිබේ.

පුංචි ජන්දයට සමගාමීව 03 දින මධ්‍යම රාත්‍රියේ පටන් ක්‍රියාත්මක වන පරිදි සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් වූ අතර එම නීති මාලාවට ගරුකරමින් සියලුම දෙනා එම පිළිවෙල අනුගමනය කරන කාල සීමාවක රටේ වගකිවයුතු තනතුරක් දරන අගමැති හරිනි අමරසූරිය මහත්මිය සිදු කළ ප්‍රකාශය මේ දිනවල බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්විය.

පසුගිය දා පැවති රැළියක් අමතමින් ඇය කියා සිටියේ අපි නිහඬ වුණාට ඔයගොල්ලන්ට පුළුවන් දුරකථනයෙන් කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා ශේප් එකේ වැඩේ කරගෙන යන්න වැනි අදහසකි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු නවත්වන්න කියූ කාල සීමාවක මේ ආකාරයෙන් රටේ අගමැතිනිය අදහස් දැක්වීමට එරෙහිව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී
මුජිබර් රහුමාන් මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හරහා ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවකි.

මේ අතර අගමැතිනියගේ ප්‍රකාශය නීති විරෝධී බවට පැෆ්රල් සංවිධානය විසින් ද මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

එම නිවේදනය,

වීඩියෝ  – VoiceTube

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved