පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර – වෑකඩ ජනඋදාන ගම්මානයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය සඳහන් කලේය.
පොලිසිය පැවසුවේ, අද අළුයම සිදුකල විශේෂ මෙහෙයුමකදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනප්‍රිය මහතා ඇතුළු නිළධාරීන් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර නිවස පරීක්ෂා කිරීමේදී තැන තැන සගවා තිබූ විවිධ මාදිලියේ ජංගම දුරකථන 82 ක් සොයාගෙන ඇති බවය.
සැකකාර කාන්තාව පුත්‍රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බවත්, ඔහු වැටලීම සිදුකරන මොහොතේ නිවසේ සිට නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේය.