Connect with us

පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා 2ක් ගැන COPF හිදී සාකච්ඡාවට

Published

on

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳව එම කාරක සභාවේදී (COPF) සාකච්ඡා කෙරිණි.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී – (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ස්ථාවර නියෝග 121 ප්‍රකාරව සෑම වසරකම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාවක් සහ අයවැය කාරක සභා අවස්ථාව ආරම්භ කිරීමට ප්‍රථම, සමස්ත වියදම සහ ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිතා කරන ලද බදුකරණය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව මෙම වාර්තා දෙක සකස්කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණ අතර එම වාර්තා දෙක සකස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආචාර්ය දුෂ්නි වීරකෝන්, ආචාර්ය නිෂා අරුණතිලක සහ ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන්ගේ අදහස් ලබාගැනීමද මෙහිදී සිදු විය.

මෙම වාර්තා දෙකෙහි කෙටුම්පත් සකස්කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරුන්ගේ අදහස් ද ඇතුළත් කොට ඉදිරියේදී මෙම වාර්තා දෙක පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ජාතික විගණන කාරයාලය විසින් 2023 වර්ෂය සඳහා සකස් කරනු ලබන වාර්ෂික වැඩසටහන පිළිබඳව සලකා බැලීම ද මෙහිදී සිදු විය. තවද පාර්ලිමේන්තු මන්ත්‍රී – අනුප පස්කුවෙල් මහතා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීම සහ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීම සිදු විය.

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved