Connect with us

පුවත්

පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව IMF එකඟතාවයේ ප්‍රධාන කරුණු නීතියක් බවට පත් කරනවා  – ජනපති

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත , සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද  ජනාධිපතිවරයා  සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (02)  පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමිනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමඟ  සාකච්ඡා කිරීමට සහ අදහස් ලබා ගැනීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකින්ම ආර්ථික විද්‍යා අධ්‍යනාංශවල දක්ෂතම සිසුන් දස දෙනකු යොමු කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී  දැනුම් දුන්නේය. ඒ අතරින් සිසුන් පිරිසකට පිළිගත් විදේශ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

මෙරට නිෂ්පාදන හා සේවා ස්වයංක්‍රීය ක්‍රමයකට යා යුතු බවත්, එසේ නොවුවහොත් ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමඟ තරග කළ නොහැකි බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය අලුතින්ම සකස් කළ යුතු බව ද පැවසීය.

කෙසේ නමුත් 18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

මේ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් , මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා , විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දක්වන ලද අදහස්වල සාරාංශයක් පහත දැක්වේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට  සහාය දෙනවාද නැද්ද කියා ඡන්දයක් විමසීමට බලාපොරොත්තු වෙනවා. සෑම කෙනෙක්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී කිසියම් හෝ ස්ථාවරයක් ගත යුතුයි. ඒ නිසා මේ වැඩසටහනට සහය ලබා දෙන ලෙස  අප යෝජනාවක් ඉදිරිපත් කරනවා. ‍

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවේ තිබෙන ප්‍රධාන කරුණු නීතියක් හැටියට ගෙන එන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහි යම් වෙනසක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට යන්න ඕන. එහි  මූලික අංශ මැයි මාසයේ ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ග්‍රාමීය අංශ දැනුම්වත් කරනවා. දෙවනුව හරිත ආර්ථිකය ඇතුළු අපේ වැඩසටහන් මොනවාද යන්න දැනුම් දෙනවා. මුලින්ම අපි අපේ මේ වැඩසටහන්වල ප්‍රතිචාරය අර ගනිමු.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ඉදිරියේදී ගෙන ඒමට තිබෙනවා. මේ පනත් තුනම එකට ගේන්න එපා කියලයි අධිකරණ ඇමැතිවරයා සහ අගවිනිසුරුවරයා ඉල්ලා සිටින්නේ. ඒ  ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවාට අවධානය යොමු කිරීමට අපහසු නිසා සහ තවත් හේතු කිහිපයක් නිසයි. ඒ නිසා අප්‍රේල් මාසයේ අවසානය වන විට එක කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත බව මම විශ්වාස කරනවා. ඉන් අනතුරුව අනිත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. කෙසේ හෝ ජූනි මාසය වන විට කෙටුම්පත් තුනම ගෙන ඒමට කටයුතු කරනවා.

විශේෂයෙන්ම නවීකරණ වැඩසටහන යටතේ අපේ අරමුණ වෙන්නේ තරගකාරීත්වය සමඟ නිෂ්පාදනය වැඩි කිරීමයි. තරගකාරීත්වය සහ නිෂ්පාදනය කියන අංශ දෙකම ඉදිරියට ගත යුතුයි. ඒ සඳහා අපට එක්ව වැඩකටයුතු කරන්න පුළුවන්. අප බැලුවේ ආණ්ඩුවේ තිබෙන පර්යේෂණ ආයතනත්, අනිකුත් ආයතනත් එකතු කර වෙනමම කෘෂි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඇති කරන්න. අවශ්‍ය නම් ප්‍රශ්චාත් උපාධි පාඨමාලාද ඇති කළ හැකියි. අප මෙමගින් බලාපොරාත්තු වන්නේ  පර්යේෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. තාක්ෂණය යොදා ගත හැකි ආකාරය සම්බන්ධවත් එයින් බැලීමට හැකියාව තිබෙනවා. එසේ නම් සියලු අංශ එකට එකතු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම සෑම කෙනෙක්ම කියවා තිබෙනවා. ඒ ගැන මෙතැන ඉන්න අයට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපට දෙන්න පුළුවන් ඕනෑම විසඳුමක් ලබා දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රාමුව තුළ පමණයි. එයින් පිට යන්න බැහැ. අපට මාස හයක රාමුවක් ලබා දී තිබෙනවා. අප වැඩ කටයුතු කළ යුත්තේ ඒ රාමුව තුළ පමණයි. ‍

ගොවි ජනතාව, සංචාරක ව්‍යාපාරිකයන් පවා කියන්නේ මෙය අවශ්‍ය බවයි.  බහුතරයේ මතයද එයයි. වෘත්තීය සමිති කියනවා පෞද්ගලිකරණය කරන්න එපා කියා. ඉතිං මොකක්ද කරන්න කියන්නෙ. ඒවාට වියදම් කරන මුදල්වලින් තුනෙන් එකක් විශ්වවිද්‍යාලවලට සහ පාසල්වලට දුන්නා නම් මීට වඩා දියුණුවක් තියෙනවා. ඒ සමඟ වැටුප් ප්‍රශ්නත් විස‍ඳෙනවා. වෘත්තීය සමිතිවලට ඕන විදිහට වැඩ කරන්න බැහැ. යළිත් ඇෆ්ගනිස්තානයෙන් පිටුපස්සට ශ්‍රී ලංකාව වැටෙන්න දෙන්න බැහැ. ප්‍රතිසංස්කරණ කරන්න ඕන. රටේ ප්‍රතිසංස්කරණයක් විය යුතුයි කියා විපක්ෂයත් දැන් පිළිගෙන තිබෙනවා. 

කර්මාන්ත ඇති කරන්න අපි පනතක් ගෙනවිත් තිබෙනවා වගේම, කොමිසමක් ද පත් කර තිබෙනවා . ඒත් අපි කර්මාන්තකරණය ඉදිරියට ගෙන ගියේ නෑ. අපට වුවමනා වුණේ යුද්ධයෙන් සාමය ලබාගන්න. 

1983-1987 සඳහා යෙදවුවට වඩා විශාල මුදලක් සිවිල් යුද්ධය සදහා යොදවා තිබෙනවා. යුද්ධය අවසන් වූ පසුවත් අප නැවත කර්මාන්තකරණයට  ගියේ නැහැ. ඒ වෙනුවට අප ගිහින් තියෙන්නෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩසටහන් සඳහායි. 2009දී අප කාර්මිකකරණයට ගියා නම් ඕනතරම් ආයෝජන පැමිණෙන්න තිබුණා. නමුත් අප කොන්දේසි දැම්මොත් ඒ ආයෝජන එන්නේ නැහැ. තත්ත්වය හොඳයි නම් පළමුව එන්නේ විදෙස් ආයෝජකයන් නෙමෙයි, විදේශ බැංකු ගිණුම්වල සල්ලි තියාගත්ත අපේ ආයෝජකයන් තමයි පළමුවෙන් පැමිණෙන්නේ. ඊට පස්සේ තමයි විදේශ ආයෝජකයන් එන්නෙ.

වසර 30කින්  අවසන් කරන්න තිබුණු මහවැලි යෝජනා ක්‍රමය වසර 10 කින් අවසන් කරන්න ජේ ආර් ජයවර්ධන  ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ කටයුත්තෙ නිරත සියළු ආයතන එකවර ලංකාවට ගෙනාවා. එහිදී ශ්‍රී ලංකාවේ ජනතාවට මුදල් ලබාගැනීමේ  ක්‍රමවේද සැකසුණා. ඒ මගින් දියුණු වූ කණ්ඩායම් ඉන්නවා . ඒ අය දැන් වෙන ව්‍යාපෘති සඳහා ආයෝජන සිදු කරනවා.

අද අපිට මේ වැඩකටයුතු ආරම්භ කිරීමට සිදුව තිබෙන්නේ එවැනිම තත්ත්වයක සිටයි. අපේ අය බිය වී සිටිනවා ආර්ථිකය කඩාවැටී තමන්ගෙ ව්‍යාපාර බිඳ වැටෙයි කියා. ඒ නිසා මුදල්   ලන්ඩන්,  ඩුබායි වැනි විදේශ ස්ථානවල තියාගෙන ඉන්නවා. ඔය සල්ලි ටික ආපහු ගේන්න පුළුවන් නම් එය ඉතාම වැදගත්.

අපට පුළුවන්ද විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යාව හදාරන අවසන් වසරේ සිටින සිසුන් ගෙන් දක්ෂ සිසුන් දහ දෙනෙක් ලබා දෙන්න, මේ නිලධාරීන්, අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කරන්න.  අපි දක්ෂ සිසුන් හතර දෙනකුට  විදේශ ශිෂ්‍යත්වයක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. හාවඩ්, කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් හා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාල වල ඒ අවස්ථා ලබා දීමට අප කටයුතු කරන්නම්.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved