Connect with us

පුවත්

පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරිය වැඩ අරඹයි

Published

on

පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයට අභිනවයෙන් පත්වූ  කුෂානි රෝහණදීර මහත්මිය  සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (23) පෙරවරුවේ සිදුවිය.

නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි කේ ජයතිලක සහ හංස  අබේරත්න  යන මහත්වරුන් විසින් පිළිගන්නා ලදී.

‍කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ නව මහලේකම්වරිය නිල ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව   මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද එක්කිරීම සිදු කළහ. ඉන්පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, කථානායකවරයා විසින් සහතික කිරීමට නියමිත රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සත්‍ය පිටපතක් බව සහතික කරමින් ඇය පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයේ රාජකාරී ආරම්භ කළාය.

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා, රෝහණදීර මහත්මියගේ පවුලේ සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද පෙ.ව 9.30 පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමින් වේත්‍රධාරීවරයා පෙරටුකරගනිමින් කථානායකවරයා, මහලේකම්වරිය ඇතුළු ලේකම් මඩුල්ල සභා ගර්භයට ප්‍රවිශ්ට වූහ.

මෙහිදී ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ  65(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ගරු ජනාධිපතිතුමා විසින්   කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරට පත් කර ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

එසේම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දැරූ, ධම්මික දසනායක මහතා, එම ධුරයෙන් 2023 මැයි 23 දින සිට විශ්‍රාම ගිය බවද කථානායකවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇති රෝහණදීර මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. එසේම  ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LL.B.) උපාධිය ද හිමි ඇය නීතිඥවරියකි.

1999 වසරේදී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයට එක්විය. අනතුරුව සහකාර ප්‍රධාන නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී, සහකාර මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී  යන තනතුරුවලට උසස්වීම් ලැබුවාය.

පාර්ලිමේන්තු සේවයට සම්බන්ධවීමට පෙර ඇය සම්පත් බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරිනියක,  පරිසර පදනමේ කනිෂ්ඨ විද්‍යාඥවරියක, ජාතික අධ්‍යාපන ආයතනයේ (දුරස්ථ අධ්‍යාපනික) අධ්‍යක්ෂවරයාගේ ලේකම්වරිය, ඉන්ෆොමැටික්ස් පෞද්ගලික ආයතනයේ මධ්‍යස්ථාන සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කර ඇත.

එසේම ඇය ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ පුහුණුවීම් ලබා ඇත.

නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා සමග විවාහ වී සිටින ඇය ඉවුම් පිහුම් කටයුතු සහ ගායනයට ප්‍රිය කරන දරුවන් තිදෙනෙකුගේ මවකි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved