Connect with us

පුවත්

පාසල් පෙළපොත් මුද්‍රණ වියදම 7ගුණයකින් ඉහලට!

Published

on

2023 නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ වැයවන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්. අයිලප්පෙරුම මහතා කියයි.

මේ වසරේදී (2022) පෙළපොත් මුද්‍රණය සඳහා වැයවී ඇති සමස්ත වියදම රුපියල් මිලියන 2338 ක් බව පැවසේ.

ඒ අනුව 2023 වසර සඳහා වැයවන මුදල සත්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ

2023 වර්ෂය සඳහා වන පෙළපොත්වලින් 45%ක් මුද්‍රණ සංස්ථාව මගින් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර ඒ සඳහා අවශ්‍ය කඩදාසි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට අමාත්‍යංශ ප්‍රසම්පාදන අංශය මගින් කටයුතු කරමින් සිටින බවද මේ අතර වාර්තාවේ.

ඉතිරි 55% පෞද්ගලික අංශය මගින් මුද්‍රණය කිරීමට නියමිතය.

මේ වන විට පෞද්ගලික අංශයේ ආයතන 22ක් තෝරාගෙන ඇති අතර ඇණවුම ලබා දුන් විගස මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් සූදානම් බවද කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍යට පවසා තිබේ.

2022 තෙවැනි වාරය අවසන් වන්නේ ලබන මාර්තු මාසයේ බැවින් නව වසර සඳහා අවශ්‍ය සියලු පෙළපොත් අප්‍රේල් මාසය වන විට සියලුම පාසල්වලට ලබා දිය හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා විශ්වාසය පළ කර සිටී.

Continue Reading

පුවත්

“අවුරුදු 43කට පෙර දළදා හිමි වීඩියෝ කළේ කවුදැයි තවම දන්නේ නැහැ”

Published

on

By

මීට වසර 43කට පෙර එනම් 1982 වසරේ ශ්‍රී දළදා වහන්සේගේ වීඩියෝවක් ලබාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම ගැන තොරතුරු පොලිසියට ඉදිරිපත් කළද ඒ පිළිබඳ විමර්ශනවලට කුමක් වූවාදැයි මේ දක්වා කිසිවකු නොදන්නා බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා කියා සිටී.

තමා එවකට ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ බැවින් එම වීඩියෝ සිද්ධිය පිළිබඳව හා අදාළ පොලිස් පරීක්ෂණ කෙරෙහි උනන්දු වූ නමුත් අද දක්වා එම පරීක්ෂණ කටයුතුවලට සිදු වූයේ කුමක්දැයි පොලිසිය විසින් ශ්‍රී දළදා මාලිගාව හෝ තමන් දැනුවත් කර නොමැති බවද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

එම වකවානුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වූයේ තම පියා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න බවත්, ඔහු එවකට රජයේ අධිකරණ ඇමැතිවරයා ලෙසද කටයුතු කළ බැවින් වහාම ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කළ ද මෙතෙක් ගත් කිසිදු නීතිමය පියවරක් දැනුවත් නැති බවත් හෙතෙම කීවේය.

එම අවස්ථාවේ දළදා වහන්සේගේ ඡායාරූප ලබාගෙන ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ විදේශිකයකු බව පසුව ඒ පිළිබඳව සොයා බැලූ තමාට සොයා ගත හැකි වූ බවද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙවරද කවරකු විසින් හෝ එවැනිම ආකාරයෙන් ඡායාරූප ගෙන ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒ පිළිබඳ වන පොලිස් පරීක්ෂණවලට මීට වසර 43කට පෙර සිදු වූ ඉරණමම අත් නොවේවායි ප්‍රාර්ථනා කරන බවද හෙතෙම කීවේය.

(අරුණ)

Continue Reading

පුවත්

අධිවේගයෙන් ඉහල ගිය ආදායම

Published

on

By

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කරයි.

ඔහු පැවසුවේ පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම අදායම ලබාගත් බවය.

එම කාලය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවද ඔහු පවසා සිටියේය.

“මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවල වාහන මිලියන 1.3ක් ගමන් කර තිබෙනවා. එයින් ආදායම රුපියල් මිලියන 462ක් හිමි වී තිබෙනවා. 

අද දිනයේත් වාහන විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා ගිය ජනතාව අධිවේගි මාර්ග භාවිතා කරනු ඇති බව බලාපොරොත්තු වෙනවා. 

අධිවේගි මාර්ගයට ඇතුළුවීමට පෙර ඔබගේ වාහනයේ තිරිංග පද්ධතිය ටයර්වල තත්ත්වය වගේම ආලෝක සංඥා පද්ධතිය පරීක්ෂා කර ඇතුල්වන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අධිවේගි මාර්ගවල ගමන් කිරීමේ දී වාහන අතර අවම පරතරය මීටර් 50ක්වත් තබා ගන්නා ලෙසද ආසන පටි තදකර ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා. 

ඒ වගේම අයහපත් කාලගුණික තත්ත්වයකදී වාහනය පාලනය කර ගත හැකි වේගයකින් ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.  එමෙන්ම ඔබගේ වාහනය ආපදාවකට ලක්වුවහොත් වහාම අපගේ 1969 අංකයට අමතන ලෙස ඉල්ලා සිටිනවා. පැය 24 පුරාම ඔබගේ සේවය සඳහා සැදිපැහැදී සිටිනවා.”

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන පළමු පාසල් වාරයේ තෙවන අදියර

Published

on

By

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතය.

2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වේ.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වන දා දක්වා පැවැත්වේ.

තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved