පාසල් ළමයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් එරත්න – ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් යුහුසුලුව තුවාලකරුවන් එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුලුකර තිබූ අතර, ඉන් දෙදෙනෙක් වහාම රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.
තවත් දෙදෙනෙකු රත්නපුර මහ රෝහලට යැවීමට අවශ්‍ය වුවත් වෙනත් රෝහලකින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.
තුවාල ලබා ඇති දරුවන්ගේ දෙපාවලට හානි සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුව ඇත්තේ අද (03) උදෑසන 6ට පමණ බව ප්‍රදේශවාසීන් පවසයි.
බෝටියාගල, විතාරම්පැගුව, ලස්සකන්ද ආදි ප්‍රදේශවල සිට පාසල් දරුවන් රැගෙන මෙම වෑන් රථය පැමිණ තිබුණි.