ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ අතර, දිවයිනේ පවතින වැසි තත්වයේ අඩු වීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත් ජලයෙන් යට වූ බොහෝ ප්‍රදේශවල ජලය මේ වන විට බැස යමින් තිබෙනවා. අප වාර්තාකරුවන් සදහන් කළේ, ගංවතුර හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවය.
කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල සහ කොලොන්නාව යන ප්‍රදේශ වල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, කටාන, වත්තල, සහ බියගම යන ප්‍රදේශ වල ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතී.
ආපදා කළමනාකරණ අංශ සදහන් කළේ, එම ප්‍රදේශ වල පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක බවය.
කැළණි ගග, නාගලම් වීදිය ප්‍රදේශයෙන් සහ ගිංගග බද්දේගම ප්‍රදේශයෙන් තවදුරටත් අවධානම් තත්ත්වයක පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කලේය.
අත්තනගලු ඔය, කලුගග සහ නිල්වලා ගග ජල මට්ටම් බැස යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පවතින වර්ෂාපතනය හමුවේ මේ වන විට කුකුළේ ගග ජලාශයේ එක් වාන් දොරටුවක්ද විවෘත කර තිබේ.