පුවත්

පාසල් සිසුවෙක්ට පොලිසියේ දෙන්නෙක්ගෙන් ප්‍රහාරයක්

Published

on

වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක්ට පොලිස් නිලධාරීන් දෙනෙකු විසින් පහර දී තිබේ.

මෙම සිදුවීම ජංගම දුරකථනයකින් රූගත කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිසුවාට පහර දෙන ආකාරය එහි දැක්වේ.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ වැල්ලවාය කලාපයේ පාසලක දහතුන් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

මෙම පාසල් සිසුවා යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට පොලිස් නිලධාරීන් ඔහුව නවතා බලපත්‍ර පරීක්ෂා කර තිබේ.

එම බලපත්‍ර රැගෙන ඒමට නොහැකි වූ බවත් නිවසට ගොස් යළි බලපත්‍ර රැගෙන විත් පොලිස් නිලධාරීන්ට පෙන්වීමට හැකි බවත් එම සිසුවා පොලිස්
නිලධාරීන්ට පවසා තිබෙන බවයි වාර්තා වේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම ශිෂ්‍යයා හට අත්විලංගු දමා පහරදීමට උත්සාහ දරා ඇති අතර මෙම සිදුවීම දුටු ප්‍රදේශවාසීන් ඊට
දැඩිලෙස විරෝධය පළ කර තිබේ .

එලෙස විරෝධය පළ කිරීමත් සමඟ පොලිස් නිලධාරීන් පාසල් සිසුවා අතහැර ගොස් ඇති තිබුණා. කෙසේවෙතත්, මෙම පහරදීමත් සමඟ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී ඇත.

Trending

Exit mobile version