පුවත්

පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක් හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් අත්අඩංගුවට?

Published

on

අලුතින් ආරම්භ කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ අනුව ළඟදීම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ දේශපාලන පක්ෂ නායකයකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ චැනල් 4 නාළිකාව මගින් හෙළිදරව්වක් සිදු කළ හන්සීර් අසාද් මවුලානාගෙන් ‘සූම්’ තාක්ෂණය ඔස්සේ නැවතත් මීට අදාළ සාක්ෂි ලබාගෙන ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන තැනැත්තන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් මෙයට පෙර පැවති රජය මගින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන්ද කොමිසමක් පත් කළ අතර එමගින්ද විශේෂ වාර්තාවක් ලබා දී තිබේ. 

එහෙත් එම පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස අසාද් මවුලානාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර දැනට විදේශගතව සිටින ඔහු එම සාක්ෂි විමසීමට සහභාගි වූයේ නැත.

(දේශය)

Trending

Exit mobile version