දේවගැති ජෙරම් ප්‍රනාන්දුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන තීන්දුව ලබන මස 14 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.
බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුනි.
( මුලාශ්‍රය – අද දෙරණ)
සබැඳි පුවත් :
පාස්ටර් ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණ නියෝගයක්