පුවත්

පාස්පෝර්ට් එ​ක දින තුනෙන් ගෙදරටම!

Published

on

විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (18) පැවසීය.

දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් හදුනාගෙන ඇඟි​ලි සළකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඇඟි​ලි සළකුණු දීලා මුදල් මාර්ගගත ක්‍රමය​ට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවා අයදුම්කරුට නිවසට යා හැකි බවත් ඉලුක්පිටිය මහතා කීය.

විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ තැපෑලෙන් නිවසට යොමු කිරීමට සැළසුම් කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(ලංකාදීප)

Trending

Exit mobile version