පුවත්

පිල්ලෙයාන්ගෙන් සී.අයි.ඩි එකට ලියුමක්

Published

on

හිටපු අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබේ.

එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඒ සඳහා ලබන 18 සහ 25 අතර දිනයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට හැකියාව පවතින බවය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අද (12)දිනයේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) දැනුම් දුන්නේ පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය.

Trending

Exit mobile version