පුවත්

පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම අද සිට

Published

on

පළාත් පාලන මැතිවරණයට තරග කරන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර භාරගැනීම අද (17) සිට ආරම්භ වේ.

මහ නගර සභා 28ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 272 ක් ලෙස පළාත් පාලන ආයතන 336 ක් වෙනුවෙන් මෙම ඡන්ද විමසීම සිදු කෙරේ.

17 වැනිදා සිට 19 වැනිදා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්,
20 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වාත් නාමයෝජනා පත්‍ර භාර ගැනීමට නියමිතය.

නාමයෝජනා පත්‍ර භාර ගැනීම අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලවලදී සිදු කෙරෙනු ඇත.

ඡන්ද විමසීම සිදුකරන දිනය ලබන බ්‍රහස්පතින්දා (20) මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

Trending

Exit mobile version