පුවත්

පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය?

Published

on

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව සඳහන්ය.

අදාළ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව එම ආයතන සඳහා යළිත් නාමයෝජනා කැඳවීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් ඇතැම් පුද්ගලයන් මේ වනවිට මියගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කලේය.

ඇතැම් අය රැකියා සඳහා විදෙස් ගත වී ඇති බවත්, බොහෝ අපේක්ෂකයින් දේශපාලනයෙන් ඉවත් වී ඇති බවත් සඳහන්ය.

මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී තරග නොකරන අපේක්ෂකයන් වෙනුවෙන් වෙනත් අපේක්ෂකයින් යෙදවීමට නොහැකි බවට ද තොරතුරු වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂක‍යන් ලෙස ඉදිරිපත්වීමට රජයේ සේවකයන් 3,000ක් පමණ නාමයෝජනා පත්‍ර බාරදී තිබුණි.

මෙවර ජනාධිපතිවරණයේදී රාජකාරි වේලාව තුළදී ඔවුන්ට දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි බව සඳහන්ය.

එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ද ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කලේය.

පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීමට නියමිතය.

මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයෝ 80,672 නාමයෝජනා බාර දී ඇති බව සඳහන් වේ.

Trending

Exit mobile version