පුවත්

ගුරුවරයාට පහරදුන් සිසුන් 21 දැඩි ඇප කොන්දේසි මත මුදාහරියි (Update)

Published

on

පුත්තලමේ පාසලක විනයභාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 21දෙනා දැඩි ඇප කොන්දේසි මත අද (26) මුදා හැර තිබේ.

අද දිනයේදී ඔවුන්ව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එක් සිසුවෙකු රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු සෑම ඉරු දිනකට පුත්තලම පොලිස් ස්ථානයේ අත්සන් කළ යුතු බවද නියෝග කර තිබුණි.

අගතියට පත්වූ පාර්ශ්වයට කිසිඳු තර්ජනය කිරීමක් කළහොත් ඇප අවලංගු කර නඩු කටයුත්ත අවසන් වන තුරු සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.


(පෙර පුවත 2023 මැයි 26, පෙ.​ව11:57)

පුත්තලමේ ගුරුවරයාට පහර දුන් තවත් සිසුන් 17ක් අත්අඩංගුවට

පසුගියදා පුත්තලමේ පාසලක විනය භාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසකි.

මෙම සිසුන් පසුගිය බදාදා අදාල ගුරුවරයාට හා ඔහුගේ නිවසට පහරදී තිබුණු අතර, සිසුන් 21 දෙනෙකු මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත් සිසුන් 04 දෙනෙකු අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර, ඔවුන්ව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත් :

රැවුල් – කොණ්ඩ කපන්න කිව් ගුරුවරයාට පහරදුන් සිසුන් 4ක් රිමාන්ඩ් (වීඩියෝ)

Trending

Exit mobile version