Connect with us

පුවත්

පුතා ගාලුවත්, යාලවත් ගියේ නෑ; ඔප්පු කළොත් තාත්තා ගෙදර යනවලු!

Published

on

යාල සිද්ධිය වූ ඉකුත් සෙනසුරාදා (22) මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගොස් නැතැයි වනජීවි හා වන සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

යාල ජාතික වනෝද්‍යානයයේදී තරුණයන් පිරිසක් සතුන්ට හිරිහැර වන පරිදි ජිප් රථ ධාවනය කිරීමේ සිද්ධිය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (27) සවස පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය.

“යාල සිද්ධියට මගේ පුතාත් සම්බන්ධයි කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා.මේ ගමනට මගේ පුතා යාලට ගිය බව සම්පූර්ණ අසත්‍යයක්. එදින මගේ පුතා ගිහින් තිබුණේ මතුගම ඥාති නිවසකට විතරයි.“යැයිද ඇමැතිවරයා පැවසුවේය.

“ගොඩාක් දෙනෙක් මගෙන් අහනවා පුතා මේ යාල සිද්ධියට සම්බන්ධද කියලා. පුතා මේකට සම්බන්ධද කියලා කොහේ හරි සාක්ෂියක් තියෙනවා නම්, අඩුම වශයෙන් එදින ඔහු ගාල්ලෙන් එහාට හරි ගිහින් තියෙනවානම් සම්පූර්ණ වගකීම අරගෙන දේශපාලනයෙන්ම වුණත් අයින් වෙන්න ලෑස්තියි කියලා මම ඔවුන්ට කිව්වා.

මේ දේශපාලනයට ඉස්සරහදී හොඳ කට්ටිය එයි කියලා හිතන්න නම් බෑ. දැන් ළමයෙකුට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මේ ඉන්න 225 ම ගෙදර ගියත් ඊළඟට එන්නේ හොඳ කණ්ඩායමක් නම් නොවෙයි.“ඇමැතිවරයා පැවසීය.

යාල සිද්ධියට ජීප් රථ 32 ක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී තිබෙන බවත්, මෙම වාහන අධිවේගී මාර්ගයේ ගමන් කර ඇත්තේ අධික වේගයෙන් බවත්, ඉන්ධන ගැටලුව උග්‍රව පැවැති කාලයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ ජීප් රථවලින් වැඩි ප්‍රමාණයක් යාලට පැමිණෙන්නට ඇතැයි සැක කරන බවද ඔහු කීවේය.මෙම පිරිසගේ හෝටල් බිල පමණක් රුපියල් ලක්ෂ හැට ගණනක් බවද ඇමැතිවරයා පැවසීය.

යාල වන සතුන්ට බාධාවන පරිදි වාහන ධාවනය කළ පුද්ගලයින් මොන තරම් බලවත් වූවත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සබැඳි පුවත්

යාල පිස්සූ නැටූ සෑම් හා අමරවීරලාගේ කට්ටිය අවුරුදු 7ක් හිරේ යවයිද?

මුවා හප්පපු කැබිනට් තාත්තාත්, සත්තු බය කළ පුතාත් නිදැල්ලේ!

යාල වනෝද්‍යානයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම්

යාලේ දී සතුන්ට වධ දුන් කල්ලියකට නඩු

Continue Reading

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved