Connect with us

පුවත්

යාල පිස්සූ නැටූ සෑම් හා අමරවීරලාගේ කට්ටිය අවුරුදු 7ක් හිරේ යවයිද?

Published

on

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා ජීප් රථ 35 කින් ඇතුළු ව විශාල විනාශයක් සිදු කළ බවට චෝදනා එල්වන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැති බවට පරිසර වේදීහු චෝදනා කරති.

මෙසේ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයා වන පසන් අමරවීර ද සිටින බව පැවසේ.

මේ අතර, යාල ජාතික වනෝද්‍යානයයේ භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පවසන්නේ මෙවැන්නකි.

“යාල කලාප අංක දෙකට වාහන පහක් උදේ ගියා.එම වාහන සමඟ සංචාරක මඟ පෙන්වන්නන් (Trackers) තිදෙනකු යැව්වා.කලාප අංක දෙකට යන්න වෙලාව මදි වෙලා හවස තවත් ජිප් තිස් පහක් (35) ආවා.එම වාහනවලට වෙන වෙනම බලපත්‍ර 35 ක් ලබා දුන්නා.ඒ වාහන තිස් පහට සංචාරක මඟ පෙන්වන්නන් තිස් පහක් දෙන්න අපිට නෑනේ.ඒ නිසා එක් සංචාරක මඟ පෙන්වන්නෙකුට වාහන පහ බැගින් බාර දුන්නා.මේ ජීප්වල ආ පිරිස මඟදී වෙනත් මාර්ගවල ගිහින් තිබෙනවා.මේ අය අතරින් හත් දෙනකු සංචාරක මඟ පෙන්වන්නන්ගෙන් මඟහැරලා ගිහින් සතුන්ගේ හැසිරීමට බාධා වන ආකාරයට වාහන ධාවනය කරලා තියෙන්නේ.

යාලට ආවේ “අයන් මෑන්“ නමින් ඕෆ් රෝඩ් යන ටීම් එක. ඔවුන් රටේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්. පාර්ක් එක බලන්න එද්දී අපිට කාටවත් එපා කියන්න බෑනේ. නමුත්,පිරිස ඇතුළට ගිහින් හාපු එකෙයි ප්‍රශ්නය තියෙන්නේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා එම වාහන හතේ අයිතිකරුවන්ට වරෙන්තු කිරීමට කටයුතු කරනවා.”

මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අයන් මෑන්“ආයතනයේ හිමිකරු වන සෑම් චන්ද්‍රසෝම මහතා පවසා ඇත්තේ මෙම සිද්ධිය වූ දිනයේදී තමාද යාල ජාතික වනෝද්‍යානයේ සිටි බවත්, මෙම සිද්ධිය සම්බන්ධව තමාගේ හෝ තම ආයතනයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය. සිය ආයතනයේ සේවා ලබාගත් වාහනවලට ආයතනයේ ස්ටිකර් ඉල්ලා සිටින බවත්, එම ස්ටිකර් සහිත වාහන තිබුණාද නැතිද යන්න පිළිබඳ තමාට නිශ්චිතව ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

මේ අතර, ජාතික වනෝද්‍යානයට වාහන ඇතුළු කිරීම සඳහා ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකු වනජීවි අධ්‍යක්ෂක ජනරාල්වරයාට දැනුම්දී තිබෙන බවත්, ඒ අවසරය අනුව මෙම ජිප් රථ වල පැමිණි පිරිස සිත්සේ වනෝද්‍යානය තුළ හැසිරුණු බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එමෙන්ම, මෙම සිද්ධිය පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් දැන ගෙන ඇත්තේද සමාජ මාධ්‍ය හරහා සිද්ධිය වී දිනකට පසුව බවද පැවසේ.

මේ අතර, මෙසේ යාල යකා නැටූ පිරිස අතර, වැල්ලවාය ප්‍රදේශයේ මෝටර් රථ සංගමයේ සාමාජිකයන් පිරිසක් සහ නිකවැරටිය කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ගේ සංගමයේ සාමාජික පිරිසක් සිටි බවද හෙළිව තිබේ.

“කට්ටියක් ගිහින් හාලා තියෙනවා. මම නිලධාරීන්ට දැනුම් දුන්නා නඩු දාන්න කියලා. මේ වාහන පාර්ක් එකට විධිමත්ව ඇතුළු කරලා තිබෙනවා. නමුත්,පාර්ක් එක ඇතුළේදී හැසිරුණු ආකාරය ගැනයි ප්‍රශ්නය තියෙන්නේ. නැතුව ඔවුන් පාර්ක් එකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා නෑ.“යැයි වනජීවි අධ්‍යක්ෂක චන්දන සූරියබණ්ඩාර මහතා කියා සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසරවේදී නයනක රන්වැල්ල මහතා කියන්නේ තම දැනුම අනුව මේ වරදට වසර 7ක කාලයක් සිරඳඬුවම් ලබාදිය හැකි අතර, තවත් ලක්ෂ 2ක දඬ මුදලක්ද ලබා දිය හැකි බවයි.

අවශ්‍ය නම් මේ දෙකම දඬුවම් දෙකම දියහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved