පුවත්

පුද්ගලයෙක් ඇතුගලින් ඇද වැටිලා

Published

on

කුරුණෑගල, ඇතුගලෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (19) උදෑසන ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version