Connect with us

පුවත්

“පුරුෂ ලිංගයක් ඩොලර් 4000යි”

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අභියෝගයට ලක් කිරීම නුසුදුසු බව පාර්ලිමේන්තුවේ දී තම අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

“ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීම වැරදියි. එහෙම අභියෝග කරන සංස්කෘතියකට අපි ගියොත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් වැඩකුත් නෑ. ජනාධිපති සතුටු වෙන විදියේ තීරණ දෙන්න නම් මොකටද අපි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා එකක් තියා ගන්නේ. ඒ වගේම බරපතලම ප්‍රශ්නය තමයි කාන්තාවන් බල ගැන්වීමේ පනත ඇතුලේ තිබෙන අන්තර්ගතය හරියට නොකියවීම. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරන්න යනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය වහලා දාන්න.

අනෙක කාන්තාවන් සවිබල ගන්වනවා නම් ඒ පනත කාන්තාවන්ට පමණක් සීමා වෙන්න ඕනේ. නමුත් ඒ පනත සංක්‍රාන්ති ලිංගිකයන්ටත් අදාළ කරගෙන තිබෙනවා. ඒ අය කාන්තාවන් වෙන්නේ කොහොමද? හෝමෝන ප්‍රශ්නයක් නිසා ලිංගිකත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් එහෙම වුනා කියලා ඒ අය කාන්තාවන් කියා හඳුන්වන්න පුළුවන්ද?

ජීව විද්‍යාත්මක කාන්තාව බලාත්මක කිරීම ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් ජීව විද්‍යාත්මක කාන්තාව සවිබල ගැන්වීමේ මුවාවෙන් ලෝකය තුල විශාල ජාවාරමක් දැන් සිදුවෙනවා. පුරුෂ ලිංගයක් ඩොලර් 4000යි. ඒ සැත්කම් මිල ගණන් විශාලයි. ඒවා කරගත්තහම ජීවිත කාලෙටම බෙහෙත් බොන්න ඕනෑ. ඒ නිසා අපිට පෙනෙන්නේ බටහිර ඖෂධ සමාගම්වල ඕනෑ එපාකම් මේ පනත අස්සේ දාලා තියෙනවා.”

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved