Connect with us

පුවත්

පුස් ගම්මිරිස් දමා සුප් දුන් සිනමන් ලේක්සයිඩ්ට මිලියන 30ක් ඉල්ලා නඩුවක්!

Published

on

පිසූ ආහාර සමඟ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු / දිලීර (පුස්) සහිත සුදු ගම්මිරිස් පිළි ගැන්වීම සම්බන්ධයෙන් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ වරද පිළිගත් සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside Colombo) හෝටලයෙන් රුපියල් මිලියන 30ක වන්දියක් ඉල්ලා නඩුවක් පැවරීමට කටයුතු කර තිබේ.

ඒ අදාළ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු / දිලීර (පුස්) සහිත සුදු ගම්මිරිස් සුප් කෝප්පය පානය කර රෝගී වූ රාගම තලගොල්ල නෙළුම් මාවතේ අංක 72/22 දරණ ස්ථානයේ පදිංචි මොහ‍ොමඩ් නියාස් මොහොමඩ් නිජාස් මහතා විසිනි.

මේ සම්බන්ධයෙන් සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside Colombo) හෝටලයට නීතීඥ එම්.ජී. ක්‍රිෂාන්ත සේනාරත්න මහතා විසින් පසුගිය මස 20 වැනිදා එන්තර වාසියක් යොමුකර ඇති අතර ඒ සදහා එම හෝටලයෙන් ප්‍රතිචාර නොදැක්වීම නිසා නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී එම හෝටලය වෙනුවෙන් පෙනී සිටි එම හෝටලයේ ආහාර පාන කළමනාකරු විසින් අදාල වරද පිළිගත්තේය.

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් එම නඩුව පවරා තිබිණි.

ඉකුත් ජනවාරි 02 වැනිදා සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside Colombo) හෝටලයේ “ද ඩයිනින් රූම්” වෙත රාත්‍රී ආහාර ගැනීමට ගිය යුවලක් විසින් තමන්ට නරක්වූ සුප් කෝප්පයක් ලබාදුන් බවට කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එහි පැමිණ ලබාගත් සාම්පලක් බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලබාදීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ලබාදුන් පරීක්ෂණ වාර්තාවට අනුව මෙසේ නඩු පවරා තිබිණි.

සබැඳි පුවත්:
පුස් ගම්මිරිස් දුන් සිනමන් ලේක් සයිඩ් හෝටලයට දඩයක්

සිනමන් ලේක් සයිඩ් හෝටලය පාරිභෝගිකයකුට නරක් වූ සුප් එකක් දීලා?

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved