පුවත්

පොලිස්පති ගැන අධිකරණ නියෝගයට අනුව වැඩ කරන්න – නීතිපති කථානායකට කියයි

Published

on

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත උපදෙස් ලබාදී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නීතිපති උපදෙස් ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා විසින් මෙලෙස දීර්ඝ උපදෙස් වාර්තාවක් නිකුත් කර ඇත.

මේ අතර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳව අගවිනිසුරුවරයා සමග තමන් සාකච්ඡා සිදුනොකරන බව කථානායකවරයා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කිරීමට කිසිදු නෛතිකමය පදනමක් නොමැති බැවින් එවැනි තත්ත්වයක් තුළ තමා සාකච්ඡා සිදුනොකරන බව හෙතෙම පෙන්වා දෙයි.

Trending

Exit mobile version