පුවත්

“පොලිස්පති පත්කිරීමේදී ආගමික  බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නෑ”

Published

on

පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
 ‍‍රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ඔහු කියා සිටී.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

“රාජ්‍යයක් ලෙස රටේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වසරකදීම ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ලබාගන්නවා. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ සමස්තය මෙම තක්සේරුවේදී ආවරණය කෙරෙනවා. මෙම තක්සේරුව අනුවයි රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලබන්නේ.”
මූලාශ්‍රය – අද දෙරණ

Trending

Exit mobile version