කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසු වූ තරුණයෙක් මිය ගොස් තිබේ.
කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අතර තුර මෙසේ මියගොස් ඇත.
27 හැවිරිදි ඔහු හතරමංහන්දිය ප්‍රදේශයෙ පදිංචි අයෙකි.
මත්ද්‍ර්‍ය සමග ඊයේ (01)අත් අඩංගුවට ගත් මෙම තරුණයා පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ අසනීපවී රෝහලට රැගෙන යද්දී මිය ගිය බව කොස්ගොඩ පොලීසිය කියයි.
එමෙන්ම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බවද පොලීසිය පවසයි.
මිය ගිය තරුණයාගේ පියා වන නිමල් සිරිවර්ධන ද සොයිස මහතා පවසන්නේ තමාගේ පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොස්ගොඩ පොලිස් නිලධාරින් සිය පුතුට හොදටම පහරදුන් බවය.