පුවත්

පොලිස් අධිකාරි සංජීව මහානාමට තහනමක්

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවූ බව කියන සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට අයත් මෝටර් රථ 3ක් සහ ඉඩම් දෙකක් පරිහරණය මාස 03ක කාලයකට තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (18) නියෝග කලේය.

ලබන දෙසැම්බර් 18 දක්වා බලපැවැත්වෙන පරිදි එම නියෝගය සිදු කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපළ උපයා ගැනීමේ විමර්ශන අංශය කළ ඉල්ලීමකට අනුවය.

සැකකාර, සහකාර පොලිස් අධිකාරිවරයා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මාර්ගයෙන් අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව එම ඉල්ලීම සිදු කර තිබේ.

Trending

Exit mobile version