පුවත්

පොලිස් කොමිසමට රනුග්ගේ දාන්න ජනපති බෑ කියයි!

Published

on

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලද නම් අතරින් එක් නමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ එස්. රනුග්ගේ මහතා ගේ නමයි.

පසුගියදා මේ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ විට දීර්ඝ විවාදයක් හටගෙන තිබු බවත්, ව්‍යවස්ථා සභාව නිර්දේශ කරන නම් කිසිවකුට ප්‍රතික්ෂේප කිරීම කළ නොහැකි බව එහිදී ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජ සාමාජිකයන් ප්‍රමුඛ පිරිසක් ප්‍රකාශ කර තිබු බවත්, එහෙත් ව්‍යවස්ථා සභාව ඒ ගැන අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස නිර්දේශකර තිබු හත්දෙනෙකුගේ (07) නම් අතරින් හයදෙනෙකුගේ නම් ජනාධිපතිවරයා අනුමත කිරීමෙන් පසුව, තවත් එක් නමක් නිර්දේශකර එවනලෙස  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම්දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Trending

Exit mobile version