ජා-ඇල අධිවේගී මාර්ග හුවමාරුව අසල වගුරුබිමක තිබී මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක පොලිස් නිලධාරියෙකි.
ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බව වාර්තා වේ.