Connect with us

පුවත්

තරුණයකුට පහරදුන්නැයි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් රිමාන්ඩ් (Update)

Published

on

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් තරුණයෙකුට සිදුකළ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගෙන තිබූ මැදවච්චිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අප්‍රේල් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.


(පෙර පුවත 2024 අප්‍රේල් 11, පෙ.ව.7:53)

පොලිස් පහරදීමකින් තරුණයකුට වෘෂණ කෝෂයක් අහිමි වෙලා

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව චෝදනා කරයි.

එසේම, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා අදාළ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කර ඇති බවද කියා සිටී.

පොලීසිය පවසන්නේ තරුණයාට පහර නොදුන් බවයි.

කෙසේවුවද, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී  කළහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය කියා සිටී.

අනුරාධපුර, මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු සිය මිතුරෙකු සමග ලොරි රථයකින් මැදවච්චිය නගරය බලා ගොස් තිබුණේ පසුගිය 07 වැනිදාය.

එම අවස්ථාවේ ලොරිය පිටුපසින් හඹා ආ මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු එම ලොරි රථය නවතා සිය පුතුට හා මිතුරාට පහරදුන් බව තරුණයාගේ මව පවසන්නීය.

ඇය චෝදනා කරන්නේ පහරකෑමෙන් සිදුවූ බරපතළ තුවාල නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් ද සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවය.

පහරකෑ තරුණයා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔහු පවසන්නේ ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක්ද තමාට සහ මිතුරාට බරපතළ ලෙස පහරදුන් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අප විමසූ විට මැදවච්චිය පොලීසිය සඳහන් කළේ තරුණයින් දෙදෙනා ගමන් ගත් ලොරි රථය නවත්වන ලෙසට අණ කළ ද ඔවුන් අඛණ්ඩව ඉදිරියට ධාවනය කිරීම නිසා හඹාගොස් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවය.

ඔවුන් සන්තකයේ නීතිවිරෝධී මත්පැන් වර්ගයක් තිබී ඒවා එම අවස්ථාවේ රථයෙන් ඉවතට විසිකර ඇති බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා බීමතින් සිට ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද පොලීසිය පැවසීය.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved