පුවත්

පොලිසියේ ලොකු පුටු 8කට ස්ථාන මාරු

Published

on

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී තිබේ.

ඒ අනුව,

1.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.බී. සමරපාල මහතා – කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරි තනතුරට අමතරව
අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම සඳහා.

2.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.කේ.ඩී. පලිස්කාර මහතා – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස.

3.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.එම්.කේ.සී. තිලකරත්න මහතා – ගාල්ල කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස.

4.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.බී. මැදවල මහතා – ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස.

5.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ. එදිරිමාන්න මහතා – මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල කොට්ඨාස භාර නිලධාරි ලෙස.

6.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජී. දර්ශන මහතා – අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට සේවස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස.

7.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ.ඩී.රත්නවීර මහතා – මොණරාගල කොට්ඨාසයේ සිට මුලතිව් කොට්ඨාස භාර නිලධාරි ලෙස.

8.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එන්. ගුණවර්ධන මහතා – පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මොණරාගල කොට්ඨාස භාර නිලධාරි ලෙස.

Trending

Exit mobile version