Connect with us

පුවත්

පොසොන් පොහොයට මිහින්තලයට නොමිලේ දුම්රියේ යන්න අවස්ථාව

Published

on

පොසොන් පුන් පොහොය යෙදෙන ජූනි මස 21 වැනිදා මෙන්ම 22 හා 23 දිනයන්හිදීත් අනුරපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය බලා පැමිණෙන බැතිමතුන්ට දුම්රිය මඟින් නොමිලයේ ගමන් පහසුව සලසා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඉන්දියානු ණය ආධාර යටතේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය මංසන්ධිය දක්වා ඉදි කළ නව දුම්රිය මාර්ගයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව පැවසීය.

මින් ඉදිරියට සෑම පුන් පොහෝ දිනයකම අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය මඟින් බැතිමතුන් ප්‍රවාහනය නොමිලයේ සිදු කරනු ලබන බව ද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසන ලදී.

අනෙකුත් දිනවල දී මෙම දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය පාසල් සිසුන් හා සරසවි සිසුන් ප්‍රවාහනයටත් ගොවි නිෂ්පාදන ප්‍රවාහනයටත් යොදා ගන්නා බව ද ප්‍රකාශ කළේය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ඉදිකර අත්හැර දමා තිබූ එම දුම්රිය මංතීරුව රුපියල් ලක්ෂ 6500ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර අනුරාධපුරයේ සිට මිහින්තලය වන්දනාමාන කරන්නට පැමිණෙන බැතිමතුන්ට ගමන් පහසුව ලබාදීම උදෙසා මෙසේ ඉදි කර තිබේ.

මෙය මිහින්තලයේ සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගයත්, නව දුම්රිය මාර්ගයත් ධාවන මංතීරු දෙකක් ලෙස ඉදි කර තිබේ. මෙම මාර්ගයට පාලම් දෙකක් ඇතුළත් වේ. මිහින්තලය දුම්රිය ස්ථානය, මිහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානය, සමගිපුර සහ අශෝකපුර දුම්රිය නැවතුම්පොළ මෙම දුම්රිය මාර්ගයට ඇතුළත් වෙයි.

සබැඳි පුවත්:

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved