Connect with us

පුවත්

පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

පොසොන් පොහොය නිමිත්තෙන් රජරට බලා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට ජාතික නාමල් උයනේ නිර්මාතෘ, වනවාසී රාහුල හිමියන් විසින් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

අනුරාධපුරයේ අටමස්ථානය, මිහින්තලය වැනි ප්‍රධාන විහාරස්ථාන පොසොන් පොහොය දිනට ජාති ආගම් භේදයකින් තොරව වන්දනාකරුවන් පැමිණෙයි.

මෙලෙස වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පොලිතීන් භාවිතයෙන් බැහැරව සිය ආගමිකවතාවත්හි නිරතවන ලෙස උන්වහන්සේ මෙහිදී බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් උයනේ නිර්මාතෘ, වනවාසී රාහුල හිමියන්,

”පොසොන් උත්සවය තමයි මේ රටේ තියෙන ප්‍රධානම උත්සවය. මිහිදු මහා රහතන්වහන්සේ බෞද්ධ දර්ශනය මේ රටට රැගෙන ආවේ, උතුම් වූ පොසොන් පෝය දවසේ. ඒ දවස තමයි රජරටට තියෙන විශේෂම දවස. මේ වෙලාවේ මම ඉල්ලීමක් කරනවා. මේ රටේ ඉන්න සියලුම ජනතාවගෙන් බෞද්ධ වේවා, කතෝලික වේවා මේ හැමකෙනාම එනවා යනවා අනුරාධපුරයට. ඒ එනකොට පොලිතීන් ගේන්න එපා. පොලීතීන් භාවිතයෙන් බැහැරවෙලා වන්දනාමාන කරන්න එන්න. අනුරාධපුර මහදිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවලා ආරක්ෂක අංශවල සහාය ලබා ගෙන, මේ වන්දනා ගමන් විනෝද චාරිකා ලෙස ගමනාන්තය අවසන් කිරීම නෙමෙයි කළ යුත්තේ. මිනිස්සුන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කරන වැඩපිළිවෙලක් හැටියට පොසොන් පෝය.පොසොන් දවස මේ රජරට ක්‍රියාත්මක විය යුතුයි.”

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved