එළඹෙන ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සඳුදා දිනයේදී ද එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජනාධිපතිවරණයට එන බවක් ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා මේවනතෙක් ප්‍රකාශකර නොමැත. ඔහු පවසා ඇත්තේ, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සුදානම් බවය.
එහෙත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා අපේක්ෂකයකු ලෙස කිසිඳු ලෙසකින් ඉදිරිපත් නොවන බව ඔහු අවධාරණය කර සිටී.