Connect with us

පුවත්

පොහොට්ටුවේ දෙවැනි ජාතික මහා සම්මේලනය අද 

Published

on

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) දෙවැනි ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ අද (15) පස්වරු 2.00ට  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතය.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතා, මැති ඇමතිවරුන් සහ සියලුම සහෝදර පක්ෂ නායකයින් ද මේ සඳහා එක්වන බව පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව ඇති සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සඳහා ද මේ වෙනුවෙන් ආරාධනා කර තිබෙන අතර, මෙරට සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය කරමින් 5,000ට වැඩි පිරිසක් මේ සඳහා සහභාගිවීමට නියමිත බවද වාර්තා වේ.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ පකෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භූමිකාව මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බවයි.

මෙම පක්ෂය නිර්මාණය කර කෙටි කලකින් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිවෙකුට සිදු කළ නොහැකි වූ දැවැන්තම මැයි දින රැලිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ බවත්, මෙම පක්ෂය විසින් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්ව පළාත් පාලන මැතිවරණ‍ෙයන් මඟින් සියයට 85 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි. 

එයින් අනතුරුව ජාතික මැතිවරණය වූ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරමින් 69 ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දයෙන් ඉතිහාසගත වාර්තාවක් තබමින් ඒ මහතා ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට මෙම පක්ෂයට හැකි වූ බවත් ඔහු සිහිපත් කරයි.

කොළඹ ආරක්ෂාවත් තර කරයි

මේ සම්මේලනය හේතුවෙන් කොළඹ හා අවට ආරක්ෂාවද තරකර ඇතැයි මේ අතර වාර්තා වේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved