Connect with us

පුවත්

පොහොට්ටු මන්ත්‍රී අල්ලන්න කියා ගම්මු හඟුරන්කෙත පොලිසිය වටලලා

Published

on

හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක්  විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා තිබේ.

මේ පිරිස මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇත්ත‌ේ 22 හැවිරිදි තරුණයකු ඝාතනය කළ බවට චෝදනා එල්ලව ඇති ප‌ොහොට්ටු පක්ෂයේ  හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍ත්‍රී අනුර හේවාමාන්න මහතා තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි පවසමිනි.

සදලු සන්තුෂ් නැමැති තරුණයකු මෙසේ ඝාතනය වී ඇති අතර සැකකරු හිටපු මන්ත්‍රී සාලිය දිසානායක මහතාගේ ගෝලයෙක් බව පැවසේ.

සාලිය දිසානායක හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සොයුරෙකි.

කාන්තාවන් සහ පිරිමින් 200කට ආසන්න පිරිසක් එහි සිටි අතර පිරිමින් වැඩි පිරිසක් බීමතින් සිටි බව පොලිසිය කියා සිටී.

කලහාකාරීම හැසිරුණු පිරිස යම් විදියයකින් පොලිසියට ඇතුළු වුවහොත් රාජකාරි නිරත නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට නිරික්ෂණය වීම නිසා එසේ අහසට වෙඩි තබා ඇත.

කෙසේ වුවද පසුව එම පිරිස පොලිසිය ඉදිරිපිටින් ඉවත්ව මාර්ගයට වී පැයක් පමණ කාලයක් විරෝධයේ නිරතව විසිර ගොස් ඇත.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved