Connect with us

පුවත්

පොහොට්ටු මන්ත්‍රී විරෝධයට බයේ යාපා මාලිමාවේ විදුහල්පතිවරු සේවයෙන් දොට්ට දාලා

Published

on

වයඹ පළාත් සභාව මගින් නැවත සේවයේ පිහිටුවා සිටි පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගය පක්ෂයෙන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වූ විදුහල්පතිවරුන් දෙදෙනකුගේ සේවය වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) සම්බන්ධ දේශපාලනඥයන්ගෙන් දැඩි විරෝධය හේතුවෙන් බව පැවසේ.

එසේම, එම පත්වීම් ලබාදුන් වයඹ ප්‍රධාන ලේකම්වරයා ද එම තනතුරෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවද මේ අතර වාර්තා වේ.

පසුගිය 22 වැනිදා පැවැති කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ බව හෙළිව තිබේ.

නිවාස හා ඉදිකිරීම් ඇමැති ප්‍රසන්න රණතුංග, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කමිටු රැස්වීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ.

එහිදී මාලිමාවේ විදුහල්පතිවරු මෙන්ම අනෙකුත් අපේක්ෂකයන්ද ඉතා ඉක්මණින් යළි සේවයේ පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩිව අවධාරණය කර ඇත.

මෙහිදී වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නයනා කාරියවසම් දැඩි විවේචනයට ලක්ව ඇති බව පැවසේ.

එහිදී එම උසස් නිලධාරීන් පවසා ඇත්තේ මෙය තමන්ගේ තනි මතයට ගත් තීරණයක් නොවන බවත් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවන ලද නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බවත්ය. 

එබැවින් මෙහිදී තමන් කිසිදු වරදක් කර නැති බවද ඔවුන් පෙන්වා දී ඇත.

පළාත් සභාව යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ බලතල ආණ්ඩුකාරවරයා ඇතුළු පළාත් සභාවේ උසස් නිලධාරීන් සතුවන බැවින් ප්‍රධාන ලේකම්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය පවසන දේ පිළිගත නොහැකි බවට ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා විසින්ද චෝදනා කර ඇත.

‍මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ උද්ගතව පවතින එම ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා ජාතික ජනබලවේගය පක්ෂයට සම්බන්ධ බව කියන එම විදුහල්පතිවරුන් දෙදෙනාට ලබාදී තිබූ පත්වීම් අත්හිටුවීමට මේ වනවිට තමන් පියවර ගෙන ඇති බවයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved