කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි දෙකක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව කොළඹ වරාය නගරයේ අයෝජනය සඳහා අවසර ලබා දීමේ රෙගුලාසිය හා ඒ සඳහා අයකරන ගාස්තු පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.
මේ අතර ඩොලර් බිලියන 2.5 ක පමණ වටිනාකමක් සහිත ආයෝජන වරාය නගරයේ ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව වරාය නගර පරිපාලනය ප්‍රකාශ කර ඇත.
වරාය නගරයේ මූලික ඉදිකිරීම් මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂිත බවද පැවසේ.
ඒ අනුව ඉදිරියේදී ජනතාව වෙනුවෙන් එහි තවත් කොටස් කිහිපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව වරාය නගර කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
මේ අතර රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් අද දිනයේ පැවැත්වීමට ඉල්ලූ විවාදය ලබාදීමට ආණ්ඩුව එකඟ වූයේ නැත.