Connect with us

පුවත්

පෝර්ට් සිටියට ඩොලර් බිලියන 2.5ක ආයෝජනයක්

Published

on

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි දෙකක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කොළඹ වරාය නගරයේ අයෝජනය සඳහා අවසර ලබා දීමේ රෙගුලාසිය හා ඒ සඳහා අයකරන ගාස්තු පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

මේ අතර ඩොලර් බිලියන 2.5 ක පමණ වටිනාකමක් සහිත ආයෝජන වරාය නගරයේ ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව වරාය නගර පරිපාලනය ප්‍රකාශ කර ඇත.

වරාය නගරයේ මූලික ඉදිකිරීම් මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂිත බවද පැවසේ.

ඒ අනුව ඉදිරියේදී ජනතාව වෙනුවෙන් එහි තවත් කොටස් කිහිපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව වරාය නගර කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

මේ අතර රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් අද දිනයේ පැවැත්වීමට ඉල්ලූ විවාදය ලබාදීමට ආණ්ඩුව එකඟ වූයේ නැත.

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved