පුවත්

පෞද්ගලික රෝහල්වල වේදනා නාශක නිසා ඩෙංගු රෝගීන්ගේ ජීවිත අනතුරේ

Published

on

ඩෙංගු උණ රෝගය සඳහා පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක පෞද්ගලික වෛද්‍ය ආයතනයන්හි සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් ලබාදීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමක පවතින බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා කියා සිටී.

ඒ් මහතා මේ බව කියා සිටියේ  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ  ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

සුදුසුකම් ලත් ඇතැම් වෛද්‍යවරුන් ද මෙම වරද සිදු කිරීම නිසා ඩෙංගු ආසාදිත රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. 

ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් උණ රෝගයන් මේ දිනයන්හි ව්‍යාප්ත වන අතර උණ ආසාදිතයන්ගේ ඇඟපත වේදනාව අවම කර ගැනීමට වේදනා නාශක ලබාදීමට වෛද්‍යවරු කටයුතු කරන බවත් ඩෙංගු රෝගීන්ට පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක ලබාදීමෙන් ආසාදිතයන් ජීවිත අවදානමකට ලක්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍යවරයා ලබා දෙනුයේ පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක ද යන්න ගැන රෝගියා සහ රෝගියාගේ පවුලේ අය අවදානයෙන් සිටිය යුතු යැයි ද හෙතෙම පැවසීය.

Trending

Exit mobile version